Wednesday, March 30, 2011

කියූ වදන් ......


මට කියන්න ඔය දෑසින් පවසන දෑ
හිමි හිමි හිමිට
මට ආසයි කන් පුරවා කියනා දෑ
අහන් ඉන්න .....

ඔබෙ වදනින් දැනෙන සතුට
දෙදෙන සමග විඳගන්නට
කියන්න මට තව වදනක්
සෙනෙහෙ සිතින් සැනසෙන්නට.....

ඔබ කියු ඒ වදන් නිසා
නෙත කඳුලින් බරව ගියා
එපා දුකක් සිතන්න ඔබ
කඳුළ සතුට නිසයි වැටුණෙ

ඔබ කී ඒ මිහිරි වදන්
හදපත්ලෙම ලැගුම් අරන්
ඔබ නැති දින ඒ වදනම
හදපත්ලම රිදුම් කළා.......












Monday, January 31, 2011

සිතනු බෑ මෙග් සිතින් .......


සිතනු බෑ මෙග් සිතින්
ෙවන්කර ගන්න
නුඹ මෙගන්
සිවු ෙදසට පැලීලා
මහද මඩලම ෙවන්ව යයි
එයින් ......
ෙපර භවෙය්
කරඇති මහා පවු නිසාවද
ෙමඅත් භවෙය්
‍ෙමෙස් අපි
ෙවන්ව යන්ෙන්.‍..‍‍‍...

දුකක් තිබුණද
සිෙත් පිරිලා
දමා පපු කුහර තුළටම
වසා තද කර
යන්ට හැකිදැයි
සිතිය ෙනාහැකිය
පැලී යයි සිව්
ෙදසට සිත් මල............



Wednesday, January 12, 2011

කලකට පසු.......


යන්තමින් දැකපු
ඒ රුව කවුරැදැයි
එබී එබී බැළුවෙ
සැකය දුරු කරන්යි .......

දැනුණ මුළුගතටම
මොකක්දෝ අරුමයක්
නොදැක්කත්
බොහෝ කල් ,
අප දෙසිතින්
නොමැකී ඇත අප සිතුවම්

සිය දහස් ගණනකට
ආදරය පෙන්වමින්
කරුනණාව දක්වමින්
සිටිය නුඹ බෙහෝ කල්
ඒ අතර මමද එහි
එකෙකු විය දහසින්ම.....

නමත් මෙග මතෙක ඇත
නොදැක්කත්‍ බොහෝකල්
පලමුවන පන්තියේ
අයනු ආයනු මවෙත දුන්
මගේ ගුරු මෑණියණි
සතුට ඉහවහා ගියා
දැක නුඹෙ රුව නෙතින් .......

Thursday, December 9, 2010

ඉන්නට ඇත්නම් ඔබ ළඟ.....


ගැහි ගැහී ගුලිවී
සීතලෙන් මිරිකෙමින්
ගතට දැනෙන මහන්සිය
ඉවසාගත හැකිද
හිසට දැනෙන
බර ගතිය
නාසයට දැනෙන
තදගතිය
ඉවසා ගතහැකිද
මගේ රත්තරනේ.....

ලඟින් ඉඳගෙන
හෙමි හෙමින්
හිස පිරිමදිමින්
හෙදියක මෙන්
උවටැන් කරන්නට
ඇත්නම්
ඔබේ ළඟ දැවටෙමින් ....

ඔබේ ඔය දුක් ගොන්න
දෝතින්ම මම අරන්
ඔබේ හද මඩල මම
සැහැල්ලුව තබන්නම්......

Wednesday, November 3, 2010

නිහඬ බව.........


කෙහෙරැල් රොදක්
ඔහු මුහුණේ දැවටුණත්,
කකුල මත අතක්
තදකර තැබුවත්
ගල් ගැසී සිටින්නේ
ඇයි දැයි........

කෙසේවත් ඉවසිය හැකිද
ඒ නිහඩ බව
නැත හොරැහින් හෝ
ඇය දෙස බැලුවේ
ටිකවේලාවක් ඇයද
කේන්තියත් දුකත් අතර
ගැඹුරු සිත් පත්ලේ කිමිදී
සොයන්නට වූ
ඒ පිළිතුර වූයේ........

මා හමුවන්නට නැවත
එන්නට එපා යැයි
මුමුණමින් කියන්නටය

හිස වැනුවත් ඔහු
කුමක් කීවාද යැයි
සිතා ගත නොහැකි විය
කිසිත් ඇයහට
එහෙත් තවත් වෙලා
ගල් ගැසී දෙදෙනාම සිටින්නේ
කිසිවක් කර කියාගත
නොහැකිව
ඉවසිය නොහැකි
කෝප දුකිණි.....

Friday, October 29, 2010

මෙවන් සිතක්..........


මට ඉන්නට බෑ
යන්නට ඕනී
එක තැනක එක මො‍හාතක්
ඉන්නට බෑ
සැම තැනම දුවන
මේ චලිත සිත
කවදා නවතීද?
දැන්මම නවතීද
තව වැඩ
බොහාමයක් තිබේ
කර කියා ගැන්මට
ඒ ඉතිරි වැඩ
ඉක්මනින්ම
නිමකර දමන්නට
කාලයයි මේ........

Thursday, October 28, 2010

සෙනෙහස් බඳුන......


පුරවා සෙනෙහස
වීදුරු බඳුනකට
කාලයක් තිස්සේ........

ඉරිතැළුනද
විටින් විට සෙනෙහස් පිරුණු
වීදුරු බඳුන,
පිරියම් කරමින්
මෙතෙක් කල්
පුරවාගත් ඒ සෙනෙහස් බඳුන
ඉරිතැලී බිඳී ගියේ මන්ද?

ඒත්..........

සෙනෙහස් බඳුන බිදී ගියද
තවමත් අවට ඉතිරිව ඇත
සෙනෙහස් බිඳක් හෝ....

ඒ සෙනෙහස් බිඳ
මහා ගංඟාවක් සේ සෙනෙහස
ගලාවිද
ඒ සෙනෙහෙ බිඳත්
වාෂ්ප වී යාවිද?
නැතිනම්
සදාකල් ඒසෙනෙහස් බිඳ පමනක්
සි‍තෙහි ලැගුම් ගනීද...?