Monday, September 27, 2010

සති පොළදා........


පෙරදා රැයේ නොනිදා
බතක් බැඳ‍ගෙන
උදේම ඇවිදින්
අහුරා හිමි තැනම
ඇයගේ බඩු පොදිය ......
කෑගසා ගිරිය පුප්පා
එදා වේල සොයන්නට
පැමිණි ඇය.........
නැවත යන්නේ
සතිපොළ හමාර වූ විටය

ඇගේ සිඟිති දියණිය
වැට අයිනට ඇවිත් ‍
දෙනෙත් අයමින්
බලා සිටින්නේ
මව එනතුරුය............

මවගේ හිස මත ඇති
බඩු පොදිය දැක
ටිකිරි සිනා රැළි නංවන්නේ
චූටි දුවට
සෙල්ලම් බඩු ගෙනාවැයි සිතාය.‍...........
එහෙත්,
විකුණාගත නොහැකි බඩු දැක
ටිකිරි සිනා මුව මුකුළිතව
නෙත කඳුලින් බර විය........




4 comments:

  1. අපූරු පද පෙළක්

    ReplyDelete
  2. චිත්‍රය ඔබේ සිත්තමක්ද ? ලස්සනයි

    ReplyDelete
  3. අපූරුයි... කොච්චර සියුම් සංවේදනයන්ද...
    ප්‍රේමාලපම අහන දකින වෙලාවේ අපූරුම නිර්මාණයක්...
    ජයවේවා...

    ReplyDelete
  4. හැමතැනම ප්‍රේමයම ලියවෙද්දි ඔබේ අතින් වෙනස්ම නිර්මාණයක් බිහිවෙලා.ඇත්තටම අනර්ගයි.මට ගැහැනු ලමයි කතාව මතක් වුනා

    ReplyDelete