
යන්තමින් දැකපු
ඒ රුව කවුරැදැයි
එබී එබී බැළුවෙ
සැකය දුරු කරන්යි .......
දැනුණ මුළුගතටම
මොකක්දෝ අරුමයක්
නොදැක්කත්
බොහෝ කල් ,
අප දෙසිතින්
නොමැකී ඇත අප සිතුවම්
සිය දහස් ගණනකට
ආදරය පෙන්වමින්
කරුනණාව දක්වමින්
සිටිය නුඹ බෙහෝ කල්
ඒ අතර මමද එහි
එකෙකු විය දහසින්ම.....
නමත් මෙග මතෙක ඇත
නොදැක්කත් බොහෝකල්
පලමුවන පන්තියේ
අයනු ආයනු මවෙත දුන්
මගේ ගුරු මෑණියණි
සතුට ඉහවහා ගියා
දැක නුඹෙ රුව නෙතින් .......
No comments:
Post a Comment