Wednesday, March 30, 2011

කියූ වදන් ......


මට කියන්න ඔය දෑසින් පවසන දෑ
හිමි හිමි හිමිට
මට ආසයි කන් පුරවා කියනා දෑ
අහන් ඉන්න .....

ඔබෙ වදනින් දැනෙන සතුට
දෙදෙන සමග විඳගන්නට
කියන්න මට තව වදනක්
සෙනෙහෙ සිතින් සැනසෙන්නට.....

ඔබ කියු ඒ වදන් නිසා
නෙත කඳුලින් බරව ගියා
එපා දුකක් සිතන්න ඔබ
කඳුළ සතුට නිසයි වැටුණෙ

ඔබ කී ඒ මිහිරි වදන්
හදපත්ලෙම ලැගුම් අරන්
ඔබ නැති දින ඒ වදනම
හදපත්ලම රිදුම් කළා.......












No comments:

Post a Comment