Wednesday, November 3, 2010

නිහඬ බව.........


කෙහෙරැල් රොදක්
ඔහු මුහුණේ දැවටුණත්,
කකුල මත අතක්
තදකර තැබුවත්
ගල් ගැසී සිටින්නේ
ඇයි දැයි........

කෙසේවත් ඉවසිය හැකිද
ඒ නිහඩ බව
නැත හොරැහින් හෝ
ඇය දෙස බැලුවේ
ටිකවේලාවක් ඇයද
කේන්තියත් දුකත් අතර
ගැඹුරු සිත් පත්ලේ කිමිදී
සොයන්නට වූ
ඒ පිළිතුර වූයේ........

මා හමුවන්නට නැවත
එන්නට එපා යැයි
මුමුණමින් කියන්නටය

හිස වැනුවත් ඔහු
කුමක් කීවාද යැයි
සිතා ගත නොහැකි විය
කිසිත් ඇයහට
එහෙත් තවත් වෙලා
ගල් ගැසී දෙදෙනාම සිටින්නේ
කිසිවක් කර කියාගත
නොහැකිව
ඉවසිය නොහැකි
කෝප දුකිණි.....

1 comment:

  1. දෙපස බලා සිටියද ඔවුන් දෙදෙන,
    එකිනෙකාට හොඳහැටි හේත්තු වී සිටිනු,
    නොපෙනේද?

    ReplyDelete