Sunday, July 18, 2010

වැසි දින මව හා මා...


සීතල මීදුමේ සිටින විට
ඔ‍බෙ තුරුළෙ|
උණුසුම දැනේ මට
මගෙ මව්ණි නිබදවම...
ඔබේ ඔය හද රාවෙ
මගෙ සවන ඇසෙන්නේ
තදකර ගනී මා
තවත් පපු තුරුල්ලට...

මගෙ හිසින් බේරෙනා
වැහි බිංදු දෙස බලා
සාරි පොට ගෙන අතට
මගේ හිස පිස දමයි...

දයා කරුණා ගුණෙන්
ඔබේ ඔය සිත තෙමේ
නොතෙමෙයි වැසි දි‍යට මා
ඇගෙ උතුම් ගුණ නිසා...

2 comments:

  1. දසදහසක් කවි ලීවත් හැකිවේවිද ඈ ගුණ ගයා නිමකොරන්නට....ලස්සන පද පෙළක්.....

    ReplyDelete
  2. කලෙක පස්සේ මව් ගුණ ඇති කවියක් කියෙව්වා ...

    ස්තුතයි ... ගොඩාක් ....

    ReplyDelete