Tuesday, July 27, 2010

හාතවාරි කටු ඇනුණා........



ඇ‍‍ඟේ ලේ වඩවා
හොඳින් උස් මහත් කරවා
මන්දැයි වෛර කෙරුවේ
කිම්දැයිමගෙන් වුණු වරදා......
ගියේ කළගුණ සළකන්යි
ළඟ ඇති වල් ගලවන්නයි
වුනේ කටු ඇනගන්නයි
නැවත ලේ ටික දෙන්නයි
සියුමැලි ඇඟිල්ල තුළටම .....
කිඳවා ඔබේ කටු තුඩ
නුබම දුන් ලේ
නැවත ගත්තේ මන්ද?
සොළවන්නවත්
නොහැකි විය
සියුමැළි ඇඟිල්ල
ඇත ඉදිමී රිදුම් දෙමින්
මන්ද මෙවන් ශාපයක්......

1 comment:

  1. ඇඟේ කටු හැදුනාට
    ඒ මගේ උරුමය.....
    පිනක් නෑ විඳිනට ඔබේ
    මුදු සෙනෙහස.......
    කෙසේ නම් නපුරු වෙන්නද
    හිතකින් ඔය දෑතට.......
    ඒත් කටු වලට නැහැ
    හිතක් මට වාගෙ...
    නෑවිදින් නම් ඉන්න එපා.....
    ඔබ ආයේ......
    දුරින් හරි ඉඳන්
    බලා යන්න එක වතාවක්...

    ReplyDelete