Tuesday, July 27, 2010

හාතවාරි කටු ඇනුණා........


ඇ‍‍ඟේ ලේ වඩවා
හොඳින් උස් මහත් කරවා
මන්දැයි වෛර කෙරුවේ
කිම්දැයිමගෙන් වුණු වරදා......
ගියේ කළගුණ සළකන්යි
ළඟ ඇති වල් ගලවන්නයි
වුනේ කටු ඇනගන්නයි
නැවත ලේ ටික දෙන්නයි
සියුමැලි සුළැඟිල්ල තුළටම .....
කිඳවා ඔබේ කටු තුඩ
නුබම දුන් ලේ
නැවත ගත්තේ මන්ද?
සොළවන්නවත්
නොහැකි විය
සියුමැළි සුළැඟිල්ල
ඇත ඉදිමී රිදුම් දෙමින්
මන්ද මෙවන් ශාපයක්......

2 comments:

  1. 'හාතවාරි කටු'
    ටිකක් අමුතු යෙදුමක් තියෙනවා දැකලා ආවෙ.
    (සාමාන්‍යයෙන් බ්ලොග් අවකාශයේ තවත් කලකට බලාපොරොක්කු නොවූ යෙදුමක්.)
    ඔයාගෙ අත්දැකීම අව්‍යාජව ලියලා තියෙනවා. දිගටම ලියන්න.
    සුබපැතුම්.

    ReplyDelete