Monday, July 19, 2010

විෂම ලොව...


අහස් වියන යට
පොළෝ තලය මත
අප වසනා ලොව
විෂමය සැම දින...
අළුත් දෑ ඇති වෙලා
පරණ දේ නැති වෙලා
මියැදෙමින් මනුදම්
ලියලමින් අමනුස්කම්
සතුට දයා කරුණා ,
මෛත්‍රීය
මිරිකාලමින් නැගෙන
දුක් වෛර ක්‍රෝධ
ඇත ජයගෙන
නිසි ලෙස,
දුකකි මෙලොව
සැම දින දිවියම
සිතා බලනණු මැන
සත්තකි එය...

3 comments:

  1. nothing 2 do............
    bt good ida.. akka.
    realy wonderfull.........!

    ReplyDelete
  2. වෙනස් නොවන
    එකම දෙය වෙනස් වීමයි......
    ස්ථිර එකම දෙය
    අස්ථිර බවයි......
    කාලය නැවතී
    බලා ඉඳින විට....
    ගමනේ යන අපි
    කාලය නවාතාලන්නට
    වැරදරමු.....
    කොතැනින් කොයිබටද?....
    එළියෙ අඳුරටද.......?

    ReplyDelete
  3. සංසාර සාගරය තරණය කරන අපගේ තවත් එක් නවාතැන් පලක් පමණිය මේ භවය.එහිදී ශෝක සැනසුම් වේදනාවන් ආදරය පුරවාගන්න අපේ හිත හදාගන්න එක තමයි කරන්න තියෙන්නෙ.වෙනස්වන ලෝක ස්වාභාවයට නොවෙනස් සිතක් ඇතිකර ගත්තොත් දුක සතුට කුමක් වුනත් කමක් නෑ නේද

    ReplyDelete