Tuesday, July 20, 2010

අන් සතු විය..


මහා ගංඟා පීනලා
ඟං පත්ලෙ කිමිදිලා
සොයා ගත් ඒ මැණික
පැහැපත්ය යහගුණය,
එළිය විය ඒ මැදුර
සිතුමිණ සේ දිළෙන...
කල් යත්ම ඒ මැණික
ගුණද පැහැපත් බවද
අඩුවීය ‍ටිකෙන් ටික,
ඉරි තැලී ගියෙ මන්ද
අඳුරු විය ඒ මැදුර,
ඔහුගෙ ආදර මැණික
හොරෙන් ගෙන
වෙන අයෙක්,
ඟං පත්ළෙ හා
ඔහුගෙ සිත් පත්ළෙ
නැත කීවෙ ගුණ යමක්
කිසිම දින ඒම මැණිකෙ
ඵලක් නැත එයින් දැන්...

2 comments:

  1. ලස්සන පද පෙළක්.....

    ReplyDelete
  2. එක කාලයක් තිබුණා ශතයට ලොකු වටිනාකමක් තිබුන‍.ඒත් අද ශතය ගණන්ගන්නෙවත් නැහැ.ලෝකෙ හැම දේම ඒ වගේ ළමා වියේ තරුණ වියේ වටින ජීවිත මහළුවෙනකොට අවලංගු කාසි වගේ වෙනව.මේක තමයි ලෝකෙ හැටි.එහෙම නේද?

    ReplyDelete