Thursday, July 22, 2010

නෙළන්නට නොහැකිවුණි........


විලක් අඅසලට ගියෙමි
දිනකදි....
පිපී ඇත එවිලෙහි
නෙළුම් මලක් ලස්සන
එමලමට සිනාසුණි,
මමද එයට සිනාසුණි
මල හා මා ටික දිනක්
එකිනෙකට බලාසි‍ටියා‍....
කතා කෙරුවා.....
දියෙහි ගැඹුර
මා දැන සිටියා
ඒත්.......
නොදනී මා පිහිනන්න‍ට
එනිසාම,
නෙලන්න‍ට ‍‍නොහැකි වුණි
එවිල මැද ඇති
නෙළුම් මල,
දුක්සුසුම් මැද
තනිවුනෙමි
වෙර දරමි ......
සිත සනසගන්න්ට.....

1 comment:

  1. පිහිනන්නට නොදත් නමුදු මට
    හමුවිය ඔරුවක් ගං වෙරළත....
    හුළං නැතත් රුවල් පිරෙන්ට
    අවලක් හමුවිය මට අදින්නට.....

    ReplyDelete