Monday, August 2, 2010

වරද සඟවාගත නොහැක.....


පහන් වැටෙන්
එක් පහනක්
හැරගත්තද
එහි අඩුවූ ආලෝකය
මහත් ‍නොවේ...
එහෙත්
එදෙස දුර සිට
නෙත් යොමන්නෙකු හට
පෙනේ අඩුවක්
පහන් වැට තුළ
මන්දයත්,
එහි රටාව
බිඳ වැටී
ඇති නිසාවෙන්ය
එසේම.....
වරදක් කළ විට
තම සිතින් හෝ
සඟවා ගත නොහැක
සත්තකි.....

2 comments:

  1. උණු උණු උදාහරණ ඇත.
    අපේ එක්කෙනා වැරැද්දක් කරලා ඒක වහගන්න ගිහින් හොඳටම නාගෙන දැන් පැයක්වත් නෑ... හුහ් හූ..............

    ReplyDelete
  2. හෘදශාක්ෂිය තමා හොඳම විනිසුරු.....:(

    ReplyDelete